free web stats

ඉක්මනින් සුඛෝපභෝගී ජීවත ලැබුණු අය ගැන පොලීසිය දැනුවත් කරන්න

නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව, හදිසියේ උපයාගත් විශාල දේපළ සහ සුඛෝපභෝගී ජීවන රටාවන් ගත කරන පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රම ඔස්සේ උපයාගත් දේපළ සහ නීති විරෝධි වත්කම් සම්බන්ධයෙන් අදාළ විමර්ශන මේ වන විටත් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක බව ද ඔවුන් සඳහන් කළා.

සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව තමන් දැනුවත් කරන බවට පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *