‘නැත්ත වෙනුවට ඇත්ත’ නිසා ව්මල්ට ට්ල්ව්න්ගෙන් ලෙඩක්
‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 1ක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළා.
ඒ අනුව කෘතියට ඇතුළත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණට අදාළ ලේඛන කෘතියේ තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදා හැරීම, අලෙවි කිරීම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය වන ඕනෑම ක්‍රියාවක නිරතවීමද වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විමල් වීරවංශට වාරණ නියෝගයක් නිකුත් කළා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු ගොනු කර තිබුණා.

