ඉන්දියාව පරදා එංගලන්තයට ජය
එංගලන්ත කණ්ඩායම සමඟ නොටින්හැම්හිදී පැවති තෙවැනි විස්සයි20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 125ක පරාජයක් අත්විය.
මේ සමඟ තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත් ව්ය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය දුන් ලකුණු 202ක ඉලක්කය හඹා ගිය ඉන්දීය පිලට ඕවර 11.4කදී සියල්ලන් දැවී රැස්කළ හැකි වූයේ 76ක් පමණි. මෙය විස්සයි20 පිටියේදී ලකුණු පරතරය අනුව ඉන්දියාව ලැබූ විශාලම පරාජය ලෙස ඉතිහාසයට එක් විය. මින් පෙර ලකුණු පරතරය අනුව ඔවුන්ගේ විශාලම පරාජය වූයේ නවසීලන්තය හමුවේ ලකුණු 80කින්.
මේ තරගයේදී ඉන්දියාවේ ලකුණු 76 වාර්තා අතරට එක්වූයේ වසර 18කට පසු රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ඔවුන් විස්සයි20 පිටියේදී 2008 වසරේ ඔස්ට්‍රේලියාව හමුවේ දැවී ගිය ලකුණු 74 ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාව විය. ඉන්දියාව අවසන්වරට ක්‍රීඩා කළ තරග 5න් 4ක්ම පරාජය වීම ද කැපීපෙනෙන අතර, එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.
මේ තරගයේදී වෛභව් සූර්යවංශි දෙවැනි වරටත් අසාර්ථක වෙමින් ලකුණු 13කට දැවී ගි අතර, එය ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

