දෙමව්පියන් දෙපළ අවසන් ගමන් යැවූ පුතා
ඇඹිලිපිටිය කිරලවැල්කඩුව ප්රදේශයේ දී පුතෙකු විසින් සිය මව හා පියා ඝාතනය කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසූවා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58ක් වන පියෙකු සහ 54 හැවිරිදි මවක බවද සඳහන් වේ.
ඝාතනය සම්බන්ධයෙන් එම යුවළගේ 26 හැවිරිදි පුත්රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

