free web stats

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට පියවර ගන්නවා

විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම සිදුකළ පලතුරු වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසෙල්, අඹ සහ ගස්ලබුවලට මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම සමාජයේ විශාල ගැටලුවක් වී ඇති බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා ඊළඟ පියවරේදී මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා ස්ථාන වැටලීමට කටයුතු කරන බවද පැවසූවා.

අදාළ දැනුම්වත් කිරීම් සිදුකර ඇති අවස්ථාවකත් වෙළෙඳුන් මෙම ක්‍රමවේදය දිගින් දිගටම සිදුකරන්නේ නම්, ඊට අදාළව නඩු දැමීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *