free web stats

නේපාලය පැරදවූ ශ්‍රී ලංකා පිල අද උස්බෙකිස්තානය හමුවෙයි

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේ දෙවැනි දිනය යටතේ පැවති තරගයකින් නේපාලයට එරෙහිව 3-2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් ව්ය.

ඊයේ දෙවැනි දිනයේ තරග ආරම්භ කරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල තරගයේ පළමු වටය 25-18ක් ලෙස ජය ගත්තද, දෙවැනි සහ තෙවැනි වටයන් 25-21ක් සහ 25-19ක් ලෙස ජය ගත්තේ නේපාලයයි.

කෙසේ වෙතත් සටන අත්නොහැරි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තීරණාත්මක සිව්වැනි වටයේදී උණුසුම් තරගයකින් පසු ලකුණු 25-21ක් ලෙස ජය ගනිමින් තරගය 2-2ක් ලෙස සම කර ගත්තා. අනතුරුව ක්‍රියාත්මක වූ ජයග්‍රාහකයන් තීරණය වන 5 වැනි වටයේදී ලකුණු 15-10ක් ලෙස පෙරමුණ ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මේ තරගාවලියේ තෙවැනි දිනය වන අද පෙරවරු 11.00ට ශ්‍රී ලංකා පිල උස්බෙකිස්තානයට ‍ එරෙහිව තරග වදින අතර හෙට (25) තරගාවලියට විවේක දිනයයි.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය (Cava) සංවිධාන කරන මේ තරගාවලිය ආරම්භ වූ පෙරේදා සත්කාරක පාකිස්තාන පිල සමඟින් ශ්‍රී ලංකාව තරග වැදුණු අතර, එම තරගයෙන් පාකිස්තානයට 3-0ක ජයක් අත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *