free web stats

යෝෂි­තටයි කර­න්නා­ගො­ඩටයි අධි­චෝ­දනා

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­පක්ෂ සහ හිටපු නාවික හමු­දා­පති අද්මි­රාල් වසන්ත කර­න්නා­ගොඩ යන මහ­ත්ව­රුන්ට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ අධි­චෝ­දනා ගොනු කර තිබෙනවා.

2006 සැප්තැ­ම්බර් මස 01 වැනිදා සහ 2007 ජූනි මස 08 වැනිදා අතර කාල­සී­මාව තුළදී ශ්‍රී ලංකා නාවික හමු­දාවේ හමු­දා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින්, යෝෂිත රාජ­පක්ෂ නමැති විත්ති­කරු නිසි අධ්‍යා­පන සුදු­සු­කම් සපුරා නොති­බි­යදී බ්‍රිතා­න්‍යයේ රාජ­කීය නාවික හමුදා පුහුණු විද්‍යා­ලයේ ‘Royal Navy Young Officers Course’ පාඨ­මා­ලාව සඳහා සහ­භාගි වීමට අව­ස්ථාව සලසා දීම මඟින් රජ­යට රුපි­යල් ලක්ෂ 62කට වැඩි පාඩු­වක් කිරීමේ චෝද­නාව යටතේ හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගොඩ මහ­තාට එරෙ­හිව මෙසේ චෝදනා නඟා ඇත.

එමෙන්ම එම ක්‍රියාව හරහා අයුතු ලාභ­යක් ලබා ගත්තේ යැයි චෝදනා කර­මින් යෝෂිත රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව ද මෙලෙස අධි­චෝ­දනා පත්‍ර භාර දී තිබේ. විත්ති­ක­රු­වන්ට එරෙ­හිව ඉදි­රි­පත් කර ඇති අධි­චෝ­දනා පත්‍රයේ පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් 25 දෙනකු සහ සාක්ෂි ලේඛන 47ක් ඉදි­රි­පත් කර ඇත.

අල්ලස් කොමි­සම විසින් විත්ති­ක­රු­වන් දෙදෙ­නාට එරෙ­හිව අධි­චෝ­දනා 8ක් යටතේ මෙම නඩුව පවරා ඇති අතර, නඩුව ඉදි­රි­යේදී කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ විභා­ග­යට ගැනී­මට නිය­මි­තයි.

2006 ඔක්තෝ­බර් 06 වැනි දින රාජ­කීය නාවික පුහුණු පාඨ­මා­ලා­වට අය­දුම් කරන අව­ස්ථා­වේදී සැක­කාර යෝෂිත රාජ­පක්ෂ සිවිල් පුර­වැ­සි­යෙකු ලෙස කට­යුතු කර ඇති අතර, ඔහු වෙනු­වෙන් නාවික හමු­දාවේ විධා­යක අංශ පාඨ­මා­ලාවේ බඳ­වා­ගැ­නීමේ සුදු­සු­කම් සංශෝ­ධ­නය කර ඇත. එතෙක් නාවික හමුදා විධා­යක අංශයේ පාඨ­මා­ලා­ව­ලට අය­දුම් කිරීම සඳහා උසස් පෙළ ගණිත හෝ විද්‍යා විෂය ධාරා­ව­ලින් සම­ත්වීම අනි­වාර්ය කර තිබු­ණද, කලා අංශ­යෙන් උසස් පෙළ හදාරා තිබූ සැක­ක­රුට මෙම අව­ස්ථාව ලබා­දීම සඳහා අදාළ නීති රීති වෙනස් කර සියලු විෂය ධාරා­ව­ලින් සමත් වූවන්ට අය­දුම් කිරී­මට හැකි­වන පරිදි පටි­පා­ටිය සංශෝ­ධ­නය කර තිබෙනවා.

මීට අම­ත­රව, මහා බ්‍රිතා­න්‍යයේ රාජ­කීය නාවික හමු­දාවේ ශිෂ්‍ය භට­යන්ගේ විශේ­ෂිත පාඨ­මා­ලාව සඳහා තෝරා­ගනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ වසර දෙකක පුහු­ණු­ව­කින් පසුව දක්වන දක්ෂතා මත පම­ණක් වුවද, සැක­ක­රුට කිසිදු නිය­මිත තේරීම් ක්‍රියා­ව­ලි­ය­කින් තොරව එම අව­ස්ථාව පිරි­නමා ඇති බවද හෙළි වී ඇත. සැක­කරු නාවික හමු­දා­වට බඳ­වා­ගැ­නී­ම­ටත් පෙර, එනම් 2006 දෙසැ­ම්බර් 06 වන දින වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලට යොමු­කර ඇති අතර ඔහු හමු­දා­වට බඳ­වා­ගෙන ඇත්තේ දෙසැ­ම්බර් 14 හෝ 15 යන දින­ය­න්හි­දී.

අන­තු­රුව ත්‍රිකු­ණා­ම­ලයේ පුහු­ණු­වීම් සඳහා යොමු කළ පිරිස අතු­රින් සැක­කරු පම­ණක් විශේ­ෂ­යෙන් දෙසැ­ම්බර් 29 වන දින කොළ­ඹට කැඳවා ඇති අතර, ඒ අනුව බඳ­වා­ගෙන සති දෙක­ක්වත් සම්පූර්ණ වීමට මත්තෙන්, එනම් 2007 ජන­වාරි 01 වන දින ඔහු එංග­ල­න්තය බලා පිටත් කර යවා තිබේ.

1995 සිට 2010 දක්වා කාලය තුළ අදාළ රාජ­කීය නාවික පුහුණු පාඨ­මා­ලාව සඳහා ශ්‍රී ලංකා­වෙන් නිල­ධා­රීන් පස්දෙ­නෙකු යවා ඇති අතර, ඒ සෑම අව­ස්ථා­ව­ක­දීම අදාළ විදේශ රජ­යන් විසින් පිරි­න­මන ලද නොමිලේ ශිෂ්‍යත්ව යටතේ එම පුහු­ණුව ලබාදී ඇත. කෙසේ වෙතත්, සැක­කාර යෝෂිත රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් පම­ණක් ශ්‍රී ලංකා රජය විසින් රුපි­යල් 62,842,188.61ක මුද­ලක් වැය කර ඇති බවත්, එය බර­ප­තළ ලෙස මහ­ජන මුදල් අව­භා­විත කිරී­මක් බවත් අල්ලස් කොමි­සම වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණය හමුවේ අව­ධා­ර­ණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *