අද පැය 5ක් වතුර කපන ප්‍රදේශ මෙන්න
කඳාන ජල පවිත්‍රාගාරය මගින් වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) අඟහරුවාදා කොළඹ සහ කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව
*පෙ.ව.9.00 සිට ප.ව 2.00 දක්වා (පැය 5ක්) කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, මාදම්ගහවත්ත, පොල්වත්ත, ශ්‍රියා පෙදෙස, ක්ලෝවියස් මාවත, ගුණවර්ධනරාම පාර, ලේක් විලා, ශාන්ත පීතර පටුමඟ, පී. එම්. ප්‍රනාන්දු මාවත, මහ විදාන මාවත, ජනජය පාර, ශාන්ත පීතර පාර, ෆැරන්සිස්කෝ පෙදෙස, එගොඩඋයන, මෙල්විල් වන්න ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
පෙ.ව.9.00 සිට ප.ව 2.00 දක්වා
පාණදුර, කිරි බේරිය, හිරණ, කෙසෙල්වත, පින්නවත්ත ප්‍රදේශවලටත්,පෙ.ව.9.00 සිට රාත්‍රි 9.00 දක්වා
බණ්ඩාරගම, රයිගම, මිල්ලෙණිය, වල්මිල්ල, කිදෙල්පිටිය, අළුබෝමුල්ල, මොරොන්තුඩුව ප්‍රදේශවලටත්, ප.ව 4.00 සිට රාත්‍රි 9.00 දක්වා (පැය 05 කාලයක්) හොරණ, මදුරාවල, පෝරුවදණ්ඩ ප්‍රදේශයටත්, ප.ව 4.00 සිට රාත්‍රි 9.00 දක්වා (පැය 05 කාලයක්)
කුඹුක, ගෝනාපොල, කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයටත් ජල සැපයුම සීමා කෙරේ.
එසේම ප.ව 4.00 සිට රාත්‍රි 9.00 දක්වා (පැය 05 කාලයක්)
ඉංගිරිය, නම්බපාන ප්‍රදේශවලටත්, දින ප.ව 4.00 සිට පසු දින එනම් 2026.08.05 බදාදා දින පෙ.ව 8.00 දක්වා (පැය 16 කාලයක්) පිළියන්දල, වේරහැර, මඩපාත, හොන්නන්තර, කැස් බෑව, පොල් ගස්ඕවිට, කහපොල, මොරටුව පාර කොස් පැලෑන, ගංගාරාම පාර, නීලමහර ප්‍රදේශවලටත් ජල සැපයුම සීමා කෙරේ. ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුව පළකර සිටින ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන්නැයි ජනතාවට දැනුම් දෙයි.

