free web stats

අද පැය 5ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

කඳාන ජල පවි­ත්‍රා­ගා­රය මගින් වඩා ගුණා­ත්මක ජල සේවා­වක් ලබා­දීම සඳහා සිදු­ක­රනු ලබන අත්‍ය­වශ්‍ය නඩත්තු කට­යු­ත්තක් හේතු­වෙන් අද (04) අඟ­හ­රු­වාදා කොළඹ සහ කළු­තර ප්‍රදේශ කිහි­ප­ය­කට ජල සැප­යුම අත්හි­ටු­වන බව ජාතික ජල සම්පා­දන හා ජලා­ප්‍ර­වා­හන මණ්ඩ­ලය සඳ­හන් කරයි.

ඒ අනුව

*පෙ.ව.9.00 සිට ප.ව 2.00 දක්වා (පැය 5ක්) කොර­ල­වැල්ල, කටු­කු­රුන්ද, මෝදර, මාද­ම්ග­හ­වත්ත, පොල්වත්ත, ශ්‍රියා පෙදෙස, ක්ලෝවි­යස් මාවත, ගුණ­ව­ර්ධ­න­රාම පාර, ලේක් විලා, ශාන්ත පීතර පටු­මඟ, පී. එම්. ප්‍රනාන්දු මාවත, මහ විදාන මාවත, ජන­ජය පාර, ශාන්ත පීතර පාර, ෆැර­න්සිස්කෝ පෙදෙස, එගො­ඩ­උ­යන, මෙල්විල් වන්න ප්‍රදේ­ශ­ව­ලට ජල සැප­යුම අත්හි­ටු­වනු ලබයි.

පෙ.ව.9.00 සිට ප.ව 2.00 දක්වා

පාණ­දුර, කිරි බේරිය, හිරණ, කෙසෙ­ල්වත, පින්න­වත්ත ප්‍රදේ­ශ­ව­ල­ටත්,පෙ.ව.9.00 සිට රාත්‍රි 9.00 දක්වා

බණ්ඩා­ර­ගම, රයි­ගම, මිල්ලෙ­ණිය, වල්මිල්ල, කිදෙ­ල්පි­ටිය, අළු­බෝ­මුල්ල, මොරො­න්තු­ඩුව ප්‍රදේ­ශ­ව­ල­ටත්, ප.ව 4.00 සිට රාත්‍රි 9.00 දක්වා (පැය 05 කාල­යක්) හොරණ, මදු­රා­වල, පෝරු­ව­දණ්ඩ ප්‍රදේ­ශ­ය­ටත්, ප.ව 4.00 සිට රාත්‍රි 9.00 දක්වා (පැය 05 කාල­යක්)

කුඹුක, ගෝනා­පොල, කහ­තු­ඩුව, කිරි­ව­ත්තු­ඩුව ප්‍රදේ­ශ­ය­ටත් ජල සැප­යුම සීමා කෙරේ.

එසේම ප.ව 4.00 සිට රාත්‍රි 9.00 දක්වා (පැය 05 කාල­යක්)

ඉංගි­රිය, නම්බ­පාන ප්‍රදේ­ශ­ව­ල­ටත්, දින ප.ව 4.00 සිට පසු දින එනම් 2026.08.05 බදාදා දින පෙ.ව 8.00 දක්වා (පැය 16 කාල­යක්) පිළි­ය­න්දල, වේර­හැර, මඩ­පාත, හොන්න­න්තර, කැස් බෑව, පොල් ගස්ඕ­විට, කහ­පොල, මොර­ටුව පාර කොස් පැලෑන, ගංගා­රාම පාර, නීල­ම­හර ප්‍රදේ­ශ­ව­ල­ටත් ජල සැප­යුම සීමා කෙරේ. ජල සැප­යුම අත්හි­ටු­වී­මෙන් පාරි­භෝ­ගි­ක­යන්ට සිදු­වන අප­හ­සු­තාව පිළි­බඳ කන­ගා­ටුව පළ­කර සිටින ජාතික ජල සම්පා­දන හා ජල ප්‍රවා­හන මණ්ඩ­ලය අර­පි­රි­මැ­ස්මෙන් ජලය පරි­භෝ­ජ­නය කර­න්නැයි ජන­තා­වට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *