ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටිය අසල සිට් පුද්ගලයෙක් අත්අඩංගුවට
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප් සතු ගොල්ෆ් පිටියක් ආසන්නයේ සිටි ආයුධ සන්නද්ධ පුද්ගලයකු කැලිෆෝනියාවේ ආරක්ෂ අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිදුවිම වාර්තා වි ඇත්තේ අරමුදල් රැස් කිරිමේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණිමට මොහොතකට පෙර බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට පත්වූ 38 හැවිරිදි ජෙනින් ජෝන් ටයිලි නමැති එම පුද්ගලයා සන්තකයේ පිස්තෝලයක් සහ නීත්‍යනුකූලව ලබාගත් ජීව උණ්ඩ තිබූ බව ද වාර්තා වේ.
ඔහු ගොල්ෆ් පිටිය හරහා ඇවිද යමින් ඡායාරූප සහ වීඩියෝගත කිරීමේ නිරතව සිටි බවත්, අවට ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය නිරික්ෂණය කිරිමක් පෙන්නුම් කළ බවත් ලොස් ඇන්ජලිස් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ මෝටර් රථය පරික්ෂා කිරිමේදී තවත් උණ්ඩ පුරවන ලද පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක් හමුවී ඇතැයි ද වාර්තා වේ.

