free web stats

ගින­ස් පො­තට ගිය රේණුගේ කෙස් කලඹ

ඉන්දි­යාවේ උත්ත­ර්කාන්ද් ප්‍රාන්තයේ රූප­ලා­වණ‍ය ශිල්පි­නි­යක වන රේණු ධාරි­යාල් ලොව දිගුම කෙස් කලඹ හිමි ජීව­මාන කාන්තා­වගේ ගිනස් වාර්තා­වට හිමි­කම් කීමට සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රාන්තයේ හල්ද්වානි නග­ර­යේදී නිල වශ­යෙන් ඇගේ මේ වාර්තා­ගත කෙස් කලඹ මැන පරික්ෂා කරද්දී එහි දිග අඩි අට­කුත් අඟල් 11ක් බව තහ­වුරු වී ඇති අතර, ඒ අනුව මෙතෙක් යුක්රේ­නයේ ආලියා නසි­රෝවා අත්ක­ර­ගෙන සිටි අඩි අට­කුත් අඟල් 5ක දිගුම කෙස් කලඹේ වාර්තාව බිඳ වැටුණු බව ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඉන්දි­යානු සංස්කෘ­තිය තුළ දිගු කෙස් කල­ඹ­කට හිමි­කම් කියන කාන්තා­වන්ට වැඩි සැල­කි­ල්ලක් ලැබෙන බවත්, එය සංස්කෘ­තික සම්ප්‍ර­දාය සංකේ­ත­වත් කරන බවත් ප්‍රකාශ කර ඇති රේණු ධාරි­යාල් වාර්තා­ගත කෙස් කල­ඹ­කට හිමි­කම් කීමට එය හේතු­වක් වූ බව ද ප්‍රකාශ කර තිබේ.

වසර 2015න් පසු කිසි­දි­නෙක සිය හිසකේ කපා නොමැති බව ද රේණු සඳ­හන් කර තිබෙනවා.

ලොව එතෙක් මෙතෙක් දිගුම කෙස් කලඹේ වාර්තා­වට හිමි­කම් කියන චීනයේ ෂී කියු­පිංග් අඩි 18කුත්, අඟල් 5ක් දිග කෙස් කල­ඹ­කට හිමි­කම් කී අතර, ඇය මේ වන­විට ජීව­තුන් අතර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *