එංගලන්තයේ බිහිසුණු අනතුරක්
ඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රධාන මාර්ගයක වැරදි පසින් ධාවනය වූ මෝටර් රථයක්, පොලිස් සන්නද්ධ ප්‍රතිචාර රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුර මිඩ්ල්ස්බ්රෝහි නැගෙනහිරින් පිහිටි සවුත් බෑන්ක් ප්‍රදේශය අසලදී අලුයම 3:39ට පමණ සිදුව ඇති බවත්, රථ දෙකෙහිම ගමන් කළ සියලුම දෙනා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති බවයි.
එමෙන්ම මෝටර් රථයේ ගමන් කළ මගීන් කවුරුන්දැයි නිල වශයෙන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල අයට ඒ පිළිබඳව දැනුම් දෙමින් සිටින බවත් පොලිසිය පවසනවා.
මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනා 37 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

