ශ්‍රී ලංකා – ඉන්දීය දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදයි
ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) කොළඹ SSC ක්‍රීඩාංගනයේදි
තුන්වැනි දිනටත් පැවැත්වේ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඉනිම අත්හිටවූවේ කඩුලු 9ක් දැවී ලකුණු 503ක් රැස් කරගෙන සිටියදියි.
දේව්දත් පඩික්කාල් සහ ධෘව් ජුරෙල් ශතක රැස් කළා.
අසිත ප්‍රනාන්දු කඩුලු 4යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(24) දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 8කි.

