free web stats

ලොව අංක එකට යළිත් පැම්ණී රුමේෂ්

පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටිනවා.

ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේදී ඔහු දැක්වූ දක්ෂතාව හේතුවෙන් මෙලෙස පෙරමුණ ගැනීමට හැකිව තිබේ.

ඉකුත් අගෝස්තු 21 වැනිදා පැවැති එම තරගයේදී මීටර් 88.14 ක දුරක් විසිකරමින් පළමු ස්ථානය දිනාගැනීමට රුමේෂ් සමත් විය.

නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුමේෂ් තරංග ලකුණු 1,363 ක් ලබාගෙන සිටින අතර, මෙතෙක් එහි පෙරමුණේ පසුවූ ජර්මනියේ ජූලියන් බෙබර් දෙවැනි ස්ථානයට ඇද වැටී ඇත.බෙබර් හිමිකරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1,342 කි.

ලොසෑන් අදියර ආරම්භ වනවිට බෙබර් ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේත්, රුමේෂ් දෙවැනි ස්ථානයේත් පසුවූ නමුත්, බෙබර් තරගාවලියට සහභාගී නොවීමට අවසන් මොහොතේ තීරණය කළා.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *