free web stats

ඩොලරයේ කාසියට ට්‍රම්ප්ගේ රුව

අමෙරිකාවේ 250 වැනි සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් ඩොලරයේ කාසියක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ වසර 100කට පසු ජීවත්ව සිටින ජනාධිපතිවරයකුගේ රුව රැගත් කාසියක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ. මීට පෙර 1926 දී අමෙරිකාවේ 150 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් නිකුත් කර ඇති ඩොලර් භාගයේ කාසියක එක් පසෙක එරට පළමු ජනාධීපති ජෝර්ජ් වොෂින්ටන්ගේ සහ අනෙක් පස හිටපු ජනාධීපතිවරයකු වූ කැල්වින් කූලිජ්ගේ රුව ඇතුළත් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන කාසි නිෂ්පාදනාගාරය විසින් වෙළෙඳපොළට නිකුත් කර කළ රන් පැහැති එම කාසිය සැබෑ රත්රන් නොවන බවත්, එහි 88.5%ක් තඹ අඩංගු වන බවත් වාර්තා වේ.

ට්‍රම්ප්ගේ රුව ඇතුළත් ඩොලරයේ කාසිය සාමාන්‍ය භාවිතය සඳහා නිකුත් නොකළ ද, නීත්‍යනුකූල මුදල් ලෙස භාවිත කිරීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එරට නීතියට අනුව ජීවත්ව සිටින ජනාධිපතිවරයකුගේ රූපය මුදල් නෝට්ටුවලට හෝ කාසිවලට ඇතුළත් කිරීම තහනම් වුවත්, මෙවර 250 වැනි සංවත්සරය වෙනුවෙන් සම්මත කළ පනතේ වගන්තියක් භාවිත කරමින් එම තහනම මඟ හරවා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *