free web stats

නාමල් රාජපක්ෂට ගෙදරින් කෑම කන්න අවසර

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළේ, ඔහු රඳවා ඇති වාට්ටුවට ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බවයි.

ඔහු හමුවීමට දිනකට තුන් දෙනෙකුට අවසර ලබා දී ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නාමල් රාජපක්ෂ රඳවා සිටින්නේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ පසුගිය 4 වැනිදා ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100 ක අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *