free web stats

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් ඉතිහාසයේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සදුන් මධුශංක සහ දිලීප චාමිකර සමත් ව්ය.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවන වෙරළ වොලිබෝල් තරගාවලිය යටතේ පැවති භූතානයේ පැවති භූතාන විවෘත තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව මේ ශූරතාව දිනා ගත්තා.

ඉන්දියාව සමඟ පැවති මේ තරගයෙන් ශ්‍රී ලංකාවට 2-0ක ජයක් හිමි වූ අතර, ලකුණු තත්ත්වය සටහන් වූයේ 21-18 සහ 21-14ක් ලෙසිනි. ඉන්දියාවේ බරත් සහ රජිෂ් එම තරගයට ක්‍රීඩා කළහ. ඔවුන් අවසන් තරගයට පිවිසියේ සත්කාරක භූතානය පරාජය කරමිනි.

ඉන්දියාවෙන් පිරිමි කණ්ඩායම් දෙකක් මේ තරගාවලියට එක් වූ අතර, ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව තරගයේදීත් ඉන්දීය කණ්ඩායමක් හමු විය. එම තරගයෙන් 21-13ක් 21-12ක් ලෙස ශ්‍රී ලංකාවට පහසු ජයක් අත්විය.

මේ තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සත්කාරක භුතානය සමඟ මාලදිවයින, නේපාලය, උස්බෙකිස්තානය, බංග්ලාදේශයෙන් ද කණ්ඩායම් එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *