free web stats

පිලිපීන මගී නෞකාවේ ගින්නෙන් 5ක් මරුට

පිලිපීනයේ පලාවන් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මගී ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 86 දෙනකු අතුරුදන් වී ඇතැයි වාර්තා වෙනවා.

මගීන් 117 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 17 දෙනකු සමඟ මැනිලා නුවරින් ගමන් ඇරැඹූ ජූන් ඇස්ටර් නමැති එම නෞකාව ගින්නට හසුවන විට එය එරට ප්‍රකට සංචාරක කලාපයක් වන කොරොන් නුවර ගමනාන්තයට ළඟා වෙමින් සිටි බව ද වාර්තා වෙනවා.

පෙරේදා පස්වරුවේ හටගත් ගින්න ඊයේ දහවල් වනතුරු ඇවිළෙමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුහුද රළු වීමත්, අධික සුළං තත්ත්වයත් හේතුවෙන් ගින්න මැඬපැවැත්වීම දුෂ්කර වූ බව පිලිපීන වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර තිබෙනවා.

අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට වෙරළාරක්ෂක බළකාය සහ නාවික හමුදාව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, නෞකාවේ සිටි චිලී ජාතිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 43 දෙනකු මුදා ගත් බව ද වාර්තා වෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බව ද පිලිපීන වෙරළාරක්ෂක බළකාය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *