නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්- Update
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (16) නියම කළා.
එමෙන්ම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදිනම ප්රකාශයට පත්කරන බවත් මහේස්ත්රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.
මේ වනවිට බන්ධනාගාරගතව සිටින මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා, අද දින මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
නාමල් රාජපක්ෂ අධිකරණයට
මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
මීට පෙර අධිකරණය විසින් කළ නියෝගයකට අනුව බන්ධනගාර නිලධාරින් විසින් නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට රැගෙන විත් තිබේ.
මෙම නඩුකරය අද (16) කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

