free web stats

අදයි හෙටයි දුම්රිය වෘත්තීය සම්ති සංකේත වැඩ වර්ජනයක

දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා ධුර­යෙන් ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් ආණ්ඩුව මෙතෙක් තීර­ණ­යක් ගෙන නොමැති බැවින් පෙර තීර­ණය කළ පරිදි අද සහ හෙට (17-18) සංකේත වැඩ වර්ජ­න­යක් ක්‍රියා­ත්මක කරන බව ඒකා­බද්ධ දුම්රිය වෘත්තීය සමිති සම කැඳ­වු­ම්කරු කසුන් චාමර ජය­සේ­කර මහතා පව­සනවා.

මෙම වර්ජන ක්‍රියා­මා­ර්ගය සඳහා දුම්රිය රියැ­දුරු, පාලක, ස්ථානා­ධි­පති ඇතුළු වෘත්තීය සමිති 26ක් එක්වී­මට නිය­මිත බවද එම සන්ධා­නය පවසනවා.

මෙම වෘත්තීය ක්‍රියා­මා­ර්ගයේ අර­මුණ ආණ්ඩු­වට එරෙ­හිව කට­යුතු කිරී­මක් නොව, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව නැවත ගොඩ­නැ­ඟීම, කාර්ය­ක්ෂම හා විශ්වා­ස­දා­යක දුම්රිය සේවා­වක් ස්ථාපිත කිරීම සහ මගී ජන­තා­වට වඩා හොඳ සේවා­වක් ලබා­දීම බවද ඔහු සඳ­හන් කළා.

ඔවුන් මෙම වර්ජ­නයේ නිරත වන්නේ දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ සංග­මයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජය­සේ­ක­රට එරෙ­හිව විනය කඩ කළ බවට දුම්රිය පරි­පා­ල­නය නිකුත් කර තිබූ ලිපිය අත්හි­ටු­වී­මට ප්‍රවා­හන, මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් ආසිරි කරු­ණා­ව­ර්ධන මහතා ලිපි­යක් යොමු කර තිබූ පසු­බි­මක බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *