අදයි හෙටයි දුම්රිය වෘත්තීය සම්ති සංකේත වැඩ වර්ජනයක
දුම්රිය සාමාන්යාධිකාරිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් පෙර තීරණය කළ පරිදි අද සහ හෙට (17-18) සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර මහතා පවසනවා.
මෙම වර්ජන ක්රියාමාර්ගය සඳහා දුම්රිය රියැදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තීය සමිති 26ක් එක්වීමට නියමිත බවද එම සන්ධානය පවසනවා.
මෙම වෘත්තීය ක්රියාමාර්ගයේ අරමුණ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමක් නොව, දුම්රිය දෙපාර්තමේන්තුව නැවත ගොඩනැඟීම, කාර්යක්ෂම හා විශ්වාසදායක දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීම සහ මගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීම බවද ඔහු සඳහන් කළා.
ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකරට එරෙහිව විනය කඩ කළ බවට දුම්රිය පරිපාලනය නිකුත් කර තිබූ ලිපිය අත්හිටුවීමට ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා ලිපියක් යොමු කර තිබූ පසුබිමක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

