free web stats

ජනපති අනුර අද මාතර රැලි දෙකක

‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ තේමාව කර ගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන රැලි දෙකක් අද (20) පස්වරුවේ අකුරැස්සේදී සහ වැලිගමදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු රැස්වීම අද (20) පස්වරු 2.30ට අකුරැස්සේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

තවද පස්වරු 3.30 ට වැලිගමදී දෙවන රැස්වීම පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර තිබෙන්නේ.

​වත්මන් රජයේ දෙවසරක පාලන කාලය තුළ ඉටුකරන ලද සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල ජනගත කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *