free web stats

ස.ජ.බ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි ශ්‍රේෂ්ඨාධිකරණයට කළේ අපහසයක්

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ මතය පසුගිය දා කතානායකවරයා වෙත ලබා දී තිබුණා.

එහිදී අර්ථ දක්වා තීන්දුව දී තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් එය සම්මත කළ හැකි බවයි.

එවන් පසුබිමක් තිබියදී විපක්ෂයේ සමගි ජන බලවේගය ව්සින් 22ට එරෙහිව 24 ජනබලය යනුවෙන් විරෝධතාවයක් පසුගිය 24 වනදා උදෑසන පොල්දුව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගය ඔසේ පවත්වනු ලැබුවා.

එම උද්ඝෝෂණය සදහා බස් රථවලින් ව්ව්ධ ප්‍රදේශ නියෝජනය කරමින් ජනතාව පැමිණී අතර එහිදි Viparama News අප එම උද්ඝෝෂණය වාර්තාකර සිටින අතරවාරයේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් පැමිණි මන්ත්‍රී වරියක් වන ශ්‍රීමාලි ඉන්ග්‍රිට් නැමැත්තිය ප්‍රකාශ කර සිට්යේ ඇය පැමිණියේ අධ්කරණයෙන් ලබාදුන් තීන්දුවට ව්රුද්ධ නිසා බවයි.

කෙසේ නමුත් මෙය සමගි ජන බලවේගයේ සමස්ත මතයද යන්න තවමත් නොදනිම්.

මන්ද යත් මේ වනතෙක් සමගි ජන බලවේගයේ වගකිවයුත්තේක් මේ ඇය සිදුකළ බරපතළ ප්‍රකාශය ගැන ව්රුද්ධත්වයක් දක්වම්න් කිසිදු ප්‍රකාශයක් හෝ නිල නිවේදනයක් නිකුත් නොකර තිබීම හෙතුවෙන් එසේ සිතිමටද ඇතැමෙකුට පුළුවනි.

ශ්‍රීමාලි ඉන්ග්‍රිට් නැමැත්තිය නිකන්ම සමගි ජනබලවේග පාක්ෂිකාවක් නොව ප්‍රාදේශීය මට්ටමේ මන්ත්‍රී වරියක් ලෙස කටයුතු කරන නිසා සමගි ජනබලවේගය මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බලා කටයුතු කළ යුතුවේ.

ඇය විසින් මේ සිදු කරන ප්‍රකාශය හුදෙක්ම නොදැන කල ප්‍රකාශයක් ලෙස අපට අර්ථ ගැන්විය නොහැක්කේ ඇය මේ ප්‍රකාශය සිදු කරන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගේට්ටුව අබියසට පැමිණ ව්රෝධතාවයක් අතරතුරදී සිදු කරන ප්‍රකාශයක් බැව්නී.

කෙසේ නමුත් මේ විරෝධතාවය සංවිධානය කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසින් බැවින් මේ ප්‍රකාශය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ ව්පක්ෂයේ ස්ථාවරය රට හමුවේ ඉදිරිපත් කිරීම විපක්ෂයේ වගකීමක් ලෙස අපි අවධාරණය කරන්නෙමු.

හුදෙක්ම මෙය පක්ෂ පාට දේශපාලනයකින් තොරව මේ දෙස බැලිය යුතුවේ.

රටේ උත්තරීතර අධිකරණයට වචනයකින් හෝ අගෞරවය කිරීමට පුරවැසියන්ට අයිතියක් නොලැබෙන්නේ,

රටක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට නම්, සියලු දෙනාම අධිකරණයේ තීරණවලට ගරු කළ යුතු නිසායි.

අධිකරණයට අපහාස කිරීමට ඉඩ දුනහොත් නීතිය කෙරෙහි ඇති බිය සහ ගෞරවය නැති වී සමාජය අරාජික විය හැකි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටුණහොත්, මිනිසුන් නීතිය අතට ගැනීමට පෙළඹෙනු ඇත.
එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රතිරූපය රැක ගැනීම අත්‍යවශ්‍ය වේ.

විනිසුරුවරුන්ට, නීතිඥවරුන්ට හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, අපහාස කිරීම හෝ බලපෑම් කිරීම වැළැක්වීම මෙයින් සිදු කෙරේ.
එවිට ඔවුන්ට අපක්ෂපාතීව යුක්තිය ඉටු කළ හැකිය.

අධිකරණයක් ලබා දෙන තීන්දුවකට හෝ නියෝගයකට අකීකරු වීමට ඕනෑම අයෙකුට ඉඩ දුනහොත්, අධිකරණ පද්ධතියෙන්ම වැඩක් නැති තත්ත්වයක් උදාවේ.

එබැවින් වැරදි පූර්වාදර්ශ ඉදිරි පරම්පරාවටත් නොදෙන්නට නම් මේ පිළිබඳව වහා වගකිවයුත්තන් සොයා බලා කටයුතු කරම්න් නීතිය ක්‍රියාත්මක කළ යුතුවේ.

ප්‍රධාන කතෘ
ශාලුක මදුශංක

ඇය සිදුකළ ප්‍රකාශය පහලින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *