නොවැම්බර් 01 සිට සේවා රැසකට TIN අංකය අනිවාර්යයි
2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව බැංකුවක හෝ මූල්ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්රයක් අලුත් කිරීමේදී වලංගු TIN අංකය ඉදිරිපත් කළ යුතුයි.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.

