free web stats

ශ්‍රී ලංකා පාපන්දු පිල සීෂෙල්ස් පිල පරදවා ජය ගනී

දශක තුන­කට පසු දකුණු ආසි­යානු පාපන්දු ශූර­තාව යළි දිනා ගැනීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ ශ්‍රී ලංකා පාපන්දු පිල හා සීෂෙල්ස් අතර ඊ‍යේ පැවති ‍දෙවැනි ජාත්‍ය­න්තර මිත්‍රත්ව පාපන්දු තර­ග­යෙන් ශ්‍රී ලංකා පිලට ගෝල් 2 – 0ක ජයක් හිමි කරගෙන තිබෙනවා.

මේ ‍හේතුවෙන් ශ්‍රී ලංකා පිල ලෝක පාපන්දු ශ්‍රේණි­ගත කිරීමේ 186 වැනි ස්ථාන‍යේ සිට තව දුර­ටත් ඉහළ යන අතර, 204 වැනි ස්ථානයේ සිටින සීෂෙල්ස් පිල පහළ යෑ‍මේ අභි­යෝ­ග­යට මුහු­ණදී සිට්නවා.

සීෂෙල්ස් වික්ටෝ­රියා රොචේ කයි­මන් ජාතික ක්‍රීඩාං­ග­ණයේ පැවැති මේ තර­ගයේ 32 වැනි මිනි­ත්තු­වේදී ඩිලෝන් ද සිල්වා ශ්‍රී ලංකා පිල වෙනු‍වෙන් ගෝල­යක් ලබා ගැනී­මෙන් පළමු භාගය 1-0ක් ලෙස නිමාවූ අතර, 84 මිනි­ත්තු­වේදී වසීම් රාසික් ශ්‍රී ලංකා පිලට දෙවැනි ‍ගෝලය එක් කළා.

මෙයට දින කිහි­ප­ය­කට උඩදී සී‍ෂෙල්ස් සමඟ පැවැති පළමු තර­ග­යේදී ගෝල් 3-0කින් සීෂෙල්ස් පරා­ජය වූ ‍හෙයින් ශ්‍රී ලංකා පිල තරග 2-0ක තර­ගා­ව­ලිය ජයක් අත්කර ගැනී­මට සම­ත්වීම විශේ­ෂ­ත්ව­යකි.

සීෂෙල්ස් සිට ශ්‍රී ලංකා පිල ‍අද දිනයේ මොරි­සස් බලා පිටත්ව යන අතර, එහිදී ශ්‍රී ලංකා – ‍මොරිසස් පළමු තර­ගය හෙට (2) හා දෙවැනි තර­ගය මේ 5 වැනිදා මොරි­සස් අග­නු­වර ජාත්‍ය­න්තර පාපන්දු ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සභා­පති ජස්වර් උමර් මහතා‍ගේ සංක­ල්ප­යක් අනුව ඔවුන්ගේ නව­තම ප්‍රව­ර්ධන ව්‍යාපා­රය වන ‘Win SAFF Again’ වැඩ­ස­ට­හන අනුව මේ ජාත්‍ය­න්තර මිත්‍රත්ව තර­ගා­වලි දෙක සංවි­ධා­න කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *