free web stats

එක දිගට නටන නයි­ජී­රි­යානුවා රෝහලේ

නයි­ජී­රි­යානු නර්තන ශිල්පි­යකු නව ලෝක වාර්තා­වක් පිහි­ටු­වීමේ අර­මු­ණින් පැය 168ක දීර්ඝ නර්ත­න­යක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසු­ගිය සැප්තැ­ම්බර් 22 වැනිදා නයි­ජී­රි­යාවේ ලාගෝස් නුව­රදී සිය නර්ත­නය ආරම්භ කළ 33 හැවි­රිදි බෙන්ජ­මින් ඩැනි­යෙල් ගේබ්‍රි­යෙල් නැමැති මේ නර්තන ශිල්පියා පෙරේදා දක්වා දින7ක් පුරා නොක­ඩවා නර්ත­නයේ නිරත වූ බව වාර්තා වේ.

ලාගෝස් නුවර ෆ්‍රීඩම් පාක් උද්‍යා­න­යේදී පැවති ඔහුගේ නර්ත­නය ලෝක වාර්තා­වක් පිහි­ටු­වී­මට අවශ්‍ය කාලය පෙරේදා අලු­යම 3.00 වන විට සම්පූර්ණ වුවද, ඉන් පසුව ද පැය 9ක කාල­සී­මා­වක් නර්ත­නයේ නිර­තවී තිබෙනවා.

කෙසේ වුවත් ඔහු ශාරි­රී­කව දැඩි වෙහෙ­සට පත්වී සිටින බවත්, වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා රෝහ­ල­ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

මීට පෙර 2023 වස­රේදී පැය 127ක කාල­යක් අඛ­ණ්ඩව නර්ත­නයේ යෙදුණු ඉන්දීය ජාතික ශ්රුෂ්ති සුධීර් ජග්ටාප් දීර්ඝ­තම ඒකල නර්ත­නයේ ගිනස් වාර්තා­වට හිමි­කම් කියන අතර, නයි­ජී­රි­යානු ජාති­ක­යාගේ පැය168ක නර්ත­නය එම කාල­යට වඩා පැය 41ක වැඩි වීමක් බව ද වාර්තා වේ.

නයි­ජී­රි­යානු ජාති­ක­යාගේ නර්ත­නය පිළි­බඳ අයැ­දු­ම්ප­ත්‍රය ලැබී ඇති බවත්, එම ලෝක වාර්තාව බිඳ හෙළූ බව තහ­වුරු කිරීම සඳහා ප්‍රමා­ණ­වත් සාක්ෂි ඉදි­රි­පත් වන­තුරු බලා සිටින බවත් ගිනස් ලෝක වාර්තා සංවි­ධා­නය ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *