free web stats

පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන මූල්‍ය වර්ධනයක්

2025 වසරේ මුල් මාස අටට සාපේ­ක්ෂව මේ වසරේ මුල් මාස අටේදී රාජ්‍ය අය-වැයේ රුපි­යල් බිලි­යන 35.4ක අති­රි­ක්ත­යක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

එමෙන්ම මෙම මස 02 වැනිදා වන විට මෙරට විදේශ නිල සංචිත අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.93 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් නිකුත් කරන ලද සති­පතා ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වෙන්නේ.

2026 වසරේ මුල් මාස අට තුළ රජයේ මුළු ආදා­යම සහ අනු­දාන සිය­යට 21.2කින් ඉහළ ගොස් රුපි­යල් බිලි­යන 4,002.3ක් දක්වා වර්ධ­නය වී තිබෙනවා.

එම කාල­සී­මාව තුළ රාජ්‍ය විය­දම් සිය­යට 6.9කින් ඉහළ ගොස් රුපි­යල් බිලි­යන 3,966.9ක් ලෙස සට­හන් වුණා.

2025 වසරේ මුල් මාස අටේ පැවැති රුපි­යල් බිලි­යන 411.0ක අය-වැය හිඟ­යට සාපේ­ක්ෂව මෙවර මෙම රුපි­යල් බිලි­යන 35.4ක අති­රි­ක්තය වාර්තා කිරී­මට රජ­යට හැකි වී තිබෙනවා.

එසේම 2026 ජූනි අග වන විට මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 31,278.43ක් ලෙස වාර්තා වෙනවා.

2026 අගෝස්තු අග වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 6,929ක් (ඩොලර් බිලි­යන 6.93ක් පමණ) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම 2026 මුල් මාස අට තුළ අප­න­යන ආදා­යම සිය­යට 3.3කින් ඉහළ ගොස් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 9,377ක් වූ අතර, ආන­යන විය­දම සිය­යට 24.1කින් සැල­කිය යුතු ලෙස ඉහළ ගොස් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 16,557ක් වුණා.

ආන­යන විය­දම් මෙලෙස ඉහළ යෑම හේතු­වෙන් වෙ‍ෙළඳ හිඟය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 7,180 දක්වා පුළුල් වී තිබෙනවා.

තවද, 2026 ඔක්තෝ­බර් 02 වන විට අමෙ­රි­කානු ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­යල සිය­යට 6.2කින් පිරි­හී­මට ලක්ව තිබෙනවා.

මහ බැංකුවේ ප්‍රති­පත්ති පොලී අනු­පා­ති­කය (OPR) සිය­යට 8.75 මට්ටමේ වෙනස් නොවී පැවැති අතර, වාණිජ බැංකු­වල ප්‍රමුඛ ණය නිකුත් කිරීමේ බරිත සාමාන්‍ය පොලී අනු­පා­ති­කය (AWPR) සිය­යට 11.04 දක්වා සුළු වශ­යෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.

2026 වසරේ දෙවැනි කාර්තු­වේදී (Q2) ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පා­දි­තය (GDP) සිය­යට 4.2කින් වර්ධ­නය වී ඇති අතර, එම කාර්තුව තුළ රැකියා විර­හි­ත­භා­වය සිය­යට 4.0ක් ලෙස වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *