ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ නව පනතට විපක්ෂයේ විරෝධය
පුරවැසියාට කෲර ලෙස සලකන ආකාරයේ නීති ඇතුළත් ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ අලුත් පනත් කෙටුම්පතට විරුද්ධව විපක්ෂය කටයුතු කරන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
ඔහු වැඩ්දුරටත් පැවසූවේ,
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ නීතිය කියලා අලුත් කෙටුම්පතක් මේ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට තමයි මේ අලුත් කෙටුම්පතක් ගෙනැවිත් තිබෙන්නේ. ජනාධිපති නීතිඥ රියන්සි මහතාගේ ප්රධානත්වයෙන් විශේෂඥ කණ්ඩායමක් පත් කළා.
එහෙම පත් කළේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සඳහා. නමුත් මේ ආණ්ඩුව විශේෂඥ මතවලට සලකන්නේ නැහැ.
මොකද කමිටුව ඉදිරිපත් කළ නිර්දේශවලට එරෙහිව පුරවැසියා යටපත් කරන නීතියක් ගෙන ඒමට අලුත් කෙටුම්පතෙන් කටයුතු කරනවා. විශේෂඥ කණ්ඩායම ඉදිරිපත් කළ කෙටුම්පත මේ ආණ්ඩුව සලකා නැහැ.

