මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
ඉදිරියේදී විවෘත පත්රිකා යටතේ රථවාහන අලෙවි කිරීමෙන් වළකින්නැයි, මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
එහි කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්රනාන්දු සඳහන් කළේ, පැවරුම්කරු හා පැවරුම්ලාභියා විසින් MTA 6 නැමැති ලේඛනය අත්සන් කර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට අදාළ පිටපත යොමු කරන ලෙසයි.
රථ වාහන යොදා ගනිමින් රට තුළ සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීම සහ එවැනි වංචනිකයින්ගෙන් සාමාන්ය ජනතාව ආරක්ෂා කිරිම මෙහි අරමුණ වේ.

