පාකිස්තාන නායකත්වයේ වෙනසක්
ශ්රී ලංකාව සමඟ හෙට ආරම්භ වන විස්සයි20 ක්රිකට් තරගාවලියේදී වසර දෙකහමාරකට අධික කාලයක් පාකිස්තාන ක්රිකට් පිලට නායකත්වය දුන් සල්මන් අලි අගා කණ්ඩායමෙන් ඉවත් කර ඔහු වෙනුවට ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් නායකත්වයට පත් කර තිබෙනවා.
එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර අනපේක්ෂිත පරාජයන් හා එල්ල වූ විනය චෝදනා මත ගෙදර යවන ලද ක්රීඩකයන් හත් දෙනාගෙන් එක් අයකු වූ අගා මෙන්ම හිටපු නායකයන් වන බාබර් අසාම් සහ ෂහීන් ෂා අෆ්රිඩි ද ශ්රී ලංකාවට එරෙහි විස්සයි20 තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා.
පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ මේ නායකත්ව කැලඹීම මැද ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි20 තරගාවලිය හෙට සිට 13 දා දක්වා රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්රී ලංකා – පාකිස්තාන – එංගලන්ත තුන්කොන් තරගාවලිය මේ මස 18 වැනි දින සිට රාවල්පිණ්ඩි හා ලාහෝර් ක්රීඩාංගණවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

