නාමල් 27 තෙක් යළි රිමාන්ඩ් – Update
නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
නාමල් අධිකරණයට
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන එම නඩුකරය අද (13) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.
එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් තිබුණා.

