free web stats

යොවුන් ක්‍රීඩි­කාවෝ පාකි­ස්තා­න­යේදී පිට පිට 5 වැනි ජයත් ලබයි

ලිමංසා තිල­ක­රත්න ඇතුළු පන්දු යව­න්නි­යන්ගේ විශිෂ්ට දස්කම් හේතු­වෙන් ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම පිට පිට 5 වැනි ජය­ග්‍ර­හ­ණය වාර්තා කිරී­මට ඊයේ සමත් විය.

පාකි­ස්තා­නයේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන අවු­රුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලියේ මූලික වටය නිමා කර­මින් ඊයේ පැවති තර­ග­යෙන් ශ්‍රී ලංකා පිල හමුවේ බංග්ලා­දේ­ශය කඩුලු 8කින් පරා­ජය විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් බංග්ලා­දේශ පිල ඕවර 17.3කදී ලකුණු 58කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ ඕවර 10.4කදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 2ක් දැවී තිබි­ය­දියි.

මේ තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිල හමුවේ බංග්ලා­දේ­ශය අඛ­ණ්ඩව ලැබූ තෙවැනි පරා­ජය මෙයයි.

විමෝක්ෂා බාල­සූ­රිය ලකුණු 22ක්, නෙත්මි උපේක්ෂා නොදැවී ලකුණු 17ක් ශ්‍රී ලංකා ඉනි­මට එක් කළ අතර, සෙසු ක්‍රීඩි­කා­වන්ට අව­ස්ථාව දෙමින් මේ තර­ගා­ව­ලියේ සාර්ථ­කම පිති­කා­රි­නිය වූ සංජනා කාවින්දි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරී­මෙන් වැළකී සිටි­යා.

මයි­මුනා නහර් ලකුණු 23ක් රැස් කර­මින් පළ­මුව පන්දු­වට පහර දුන් බංග්ලා­දේශ ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ අතර, සාඩියා අක්ටර් ලකුණු 17ක් රැස් කළා.

සෙසු පිති­කා­රි­නි­යන්ට ලකුණු 10 සීමා­වට පිවි­සී­මට ශ්‍රී ලංකා පන්දු යව­න්නි­ය­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බුණා.

විශිෂ්ට පන්දු යැවී­මක නිරත වූ ලිමංසා තිල­ක­රත්න ලකුණු 13කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, දනෝද්‍යා සෙව්මිණි කඩුලු 2ක්, යෙෂාලි ජිතාර, චමුදි ප්‍රබෝධා, චමෝධි හේරත් සහ සනුකි පති­රගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකාව සහ බංග්ලා­දේ­ශය වේලා­ස­නින්ම මේ තර­ගා­ව­ලියේ අව­සන් තර­ගයේ ස්ථාන වෙන්කර ගෙන තිබූ අතර, එම තර­ගය හෙට (16) ෆයි­ස්ලා­බා­ද්හි­දීම පැවැත්වේ.

බංග්ලා­දේශ 19න් පහළ කාන්තා පිල – 58 (ඕවර 17.3) මයි­මුනා නහර් 23, සාඩියා අක්ටර් 17 (ලිමංසා තිල­ක­රත්න 13/3, දනෝද්‍යා සෙව්මිණි 7/2)

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 59/2 (ඕවර 10.4) විමෝක්ෂා බාල­සූ­රිය 22, නෙත්මි උපේක්ෂා නොදැවී 17, ලිමංසා තිල­ක­රත්න නොදැවී 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *