free web stats

ක්‍රිෂ් නඩුවට නාමල් හා ජානකී ලබන 23 දක්වා රිමාන්ඩ් – update

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සැකකාර ජානකී සිරිවර්ධන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ ඇප නියෝගය සූදානම් කර නොමැති බැවින් එය ඊළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සඳහන් කර තිබෙනවා.

ක්‍රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

නාමල් අධිකරණයට රැගෙන එයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

අදාළ නඩුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

එම නඩුව සඳහා පෙනී සිටීමට නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *