නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු ප්රකාශයක් ලබාදීම සඳහා අද (19) එම කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදීයි.
ලේකම්වරයාට අයත් ගල්කිස්සේ නිවස පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හදිසි පරීක්ෂාවකට ලක්වූ අතර එහි තිබූ සේප්පුවක් ඔවුන් සිය භාරයට ගෙන ගැනීම පියවර ගෙන තිබුණා.

