free web stats

අලි- ඇතුන් රැක­ගන්න කාර්ය සාධන බළ­කා­යක් ඕනෑ

අලි – ඇතුන් සුරක්ෂා කිරී­මට කාර්ය සාධන බළ­කා­යක් ස්ථාපිත කර යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසනවා.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව කියා සිටියේ සිය­ඹ­ලා­න්ග­මු­වේදී මිය­ගිය කාව­න්තිස්ස මහ ඇතාට අව­සන් ගෞරව දැක්වී­මට පෙරේදා (17) එම ස්ථාන­යට පැමිණි අව­ස්ථා­වේ­දීයි.

රටේ තරුණ පර­ම්ප­රව ද එකතු කර­ගෙන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩ­ස­ට­හ­න­කට විපක්ෂ නාය­ක­ව­රයා ලෙස නාය­ක­ත්වය ලබා­දෙන්න සූදා­නම් බවත් කාව­න්ති­ස්සගේ මිය­යෑම ගැන විනි­වි­ද­භා­ව­යෙන් යුක්තව දේශීය හා විදේ­ශීය විශේ­ෂ­ඥ­යන් මූලික කර ගෙන විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්විය යුතු බවත් පැව­සූවා.

ඒ තුළින් නිවැ­රදි කරුණු අනා­ව­ර­ණය කළ හැකි නිසා දේශීය හා විදේ­ශීය විශේ­ෂ­ඥ­ය­න්ගෙන් සම­න්විත මරණ පරී­ක්ෂ­ණ­යක් කඩි­න­මින් පැවැ­ත්විය යුතු බවත් විප­ක්ෂ­නා­ය­ක­ව­රයා පැව­සූවා.

පරි­ස­ර­වේ­දි­යකු හා සත්ත්ව­වේ­දි­යකු ලෙසත් වන­ජීවී ඡායා­රූප ශිල්පි­යකු ලෙස තමාට ඇති අත්දැ­කීම් අනුව කාව­න්තිස්ස යනු වනයේ ජීවත් වන සාමාන්‍ය ඇතකු නොව වනයේ සිටින මහ­සෙන්, අග්බෝ, සැන්ඩෝ වැනි විශා­ලම ඇතුන් අත­රින් එක් ඇතකු බවත් වසර ගණ­නා­ව­කට පෙර මේ ඇතා සිය­ඹ­ලා­න්ග­මුව වැව් ඉස්ම­ත්තේදී හමුවූ අව­ස්ථා­වේදී තමා විසින්ම මොහුට කාව­න්තිස්ස ලෙස නම් තැබූ බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සූවා.

අපේ රටේ ඇත් පර­පුර දුර්ලභ පර­පු­රක් වන බවත් ප්‍රධාන වශ­යෙන් ආසියා අලි හා අප්‍රි­කානු අලි අතර අප්‍රි­කානු පිරිමි, ගැහැනු යන දෙකො­ට්ඨා­ස­ය­ටම දළ ඇති මුත් ආසි­යා­තික අලි­යාගේ අලි­යාගේ දළ ඇත්තේ පිරිමි අලි­යාට පම­ණක් බවත් පෙන්වා දුන්නා.

ඉන්දි­යාවේ පිරිමි අලි­න්ගෙන් 80%කට දළ එන නමුත් අප රටේ 7-8% ප්‍රමා­ණ­ය­කට දළ එන බවත් එම නිසා අලි මිනිස් ගැටු­මට විධි­මත් විස­ඳුම් ලබාදී වන­ජීවී ක්ෂේත්‍රය, පශු වෛද්‍ය ක්ෂේත්‍රය භෞතික හා මානව සම්ප­ත්ව­ලින් ශක්ති­මත් කළ යුතු බවත් ජාත්‍ය­න්ත­රව ආධාර ගෙන අලින් සහ සතුන් වෙනු­වෙන් ප්‍රති­කාර කරන්න වෙන­මම රෝහ­ලක් ස්ථාපිත කළ යුතු බවත් විප­ක්ෂ­නා­ය­ක­ව­රයා පැව­සූවා.

කාව­න්ති­ස්සගේ මර­ණය අලි මිනිස් ගැටුමේ එක්තරා ප්‍රති­ඵ­ල­යක් බවත්, වග­කි­ව­යු­ත්තන් ලෙස අලින්ට වෙඩි තියන්න කියා කිසිදා උනන්දු නොකළ යුතු බවත් කෘෂි කර්මා­න්තයේ නියැළී සිටින ගොවි ජන­තාව පවා ආරක්ෂා කර­ගත යුතු බවත් දැන්වත් අලුත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතු බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සූවා.

ඇතුන් සුරක්ෂා කරන කාර්ය සාධන බළ­කා­යක් දැන්වත් ස්ථාපිත කළ යුතු අතර මීට පෙර ද තමා මෙවැනි යෝජ­නා­වක් කළත් එය බීරි අලින්ට වීනා වාද­නය කරන්න වගේ රජය නොස­ලකා හැරිය බවත් පැව­සූ අතර එසේම තව­දු­ර­ටත් මෙවැනි ඇතුන් අහිමි කර­ගන්න නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා කියා සිට්යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *