අමෙරිකාව කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් වසා තබනවා
හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් එය විවෘත නොකරන බව ඉරානය යළි අවධාරණය කර තිබෙනවා.
ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි මේ බව ප්රකාශ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මේ අතර, හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පාකිස්තානය සහ කටාර් රාජ්යයන් හරහා අඛණ්ඩව පැවැත්වෙමින් තිබේ.

