දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරේ
දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශයට ලැබෙන ජල ප්රමාණය ඉහළ යාමත් සමඟ වාන් දොරටු 6 ක් විවෘත කර ජලය මුදාහැරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද, තවත් වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද, ඉතිරි වාන් දොරටු දෙක අඩිය බැගින් ද විවෘත කර ඇති අතර, මේ වන විට තත්පරයට ඝන අඩි 8,400ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහරින බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ හේතුවෙන් දැදුරු ඔය පහළ ප්රදේශයේ ගඟ ආශ්රිතව පදිංචි ජනතාව ගඟේ ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂවරයා පෙන්වා දෙනවා.
නිකුත් කරනු ලබන නිවේදන හා උපදෙස් අනුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

