free web stats

ජනපති හදිසි අසනීප තත්ත්වයක් යනු පුවත අසත්‍යක්

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවට පළ වන පුවත සාවද්‍යය පුවතක් බව ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සාවද්‍යය පුවතක් හේතුවෙනි.

එබැවින්, මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *