හබරාදූවේ දී බස් රථයක් දුම්රියේ ගැටී සිදු වූ අනතුර
හබරාදුව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් ළමුන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු දුම්රියක එම බස් රථයේ පසුපස කොටස ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අධ්යාපන චාරිකාවක නිරත වු කොට්ටාව ප්රදේශයේ උපකාරක පංතියක ළමුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු 50කට අධික පිරිසක් එම බස් රථයේ සිට තිබෙනවා.
බස් රථයේ සිටි දරුවන් අවුරුදු 14 හා 15 වයස්වල පසුවූ අය බව වාර්තාවේ.
අනතුරින් තුවාල ලැබු ළමුන් 10 දෙනෙකු ප්රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල, කළුගල රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය හරස් මාර්ග ආරක්ෂිත ගේට්ටු නොමැති අතර, විදුලි ආලෝක සංඥ හා සීනුව ආධාරයෙන් පමණක් ක්රියාත්මක ස්ථානයක් බව සඳහන් වෙයි.
අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරු හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.






