මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද ඇරඹෙයි
මධ්‍යම අධිවේගි මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද(29) ඇරඹීමට නියමිතයි.
මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි පැවසුවේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ එම ඉදිකිරීම් සිදු කරන බවයි.
එහි දිග කිලෝ මීටර් 18 .7ක් වේ.
තුන්වැනි කොටසේ පළමු අදියරේ පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරිමට නියමිත බව අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

