සුව සැරිය 1990 අක්‍රිය බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක්
1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අත්‍ය පුවතක් සංසරණය වන බවට එම ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය නිරීක්ෂණය කර තිබෙනවා.
එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් බව නිවේදනයක් නිකුත් කරමින් එහි පාලන අධිකාරිය දැනුම් දී තිබේ.
මෙම ජනතාව නොමග යන සුළු ප්‍රවෘත්තියක් බව, 1990 හදිසි ගිලන් රථ සේවාවේ සභාපති ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කරයි.
1990 හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා අඛණ්ඩව ක්රියාත්තමකවන අතර, සුපුරුදු අයුරින් අදාළ සේවාවන් වඩා උසස් සහ කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ලබන බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

