ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරදා ඉන්දියාවට ජය
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (09) ආරම්භ වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 8කින් පරාජය කරමින් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 277ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දුන්නා.
ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගයේ අවසන් මොහොත දක්වාම දැඩි සටනක නිරත වුවද, පන්දුවාර 48යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 269කට සීමා විය.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් ශිරාස් ලකුණු නොලබා දැවී යාමත් සමඟ ඉන්දියා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 8ක ජයක් හිමි විය.
පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් අර්ෂාඩ් ඛාන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24කට කඩුලු 2ක් බිඳ දැමුවා.
තරගයේ අවසන් අදියර දක්වාම දෙපිලම කරට කර සටනක නිරත වූ අතර, අවසානයේ අවස්ථා වඩාත් හොඳින් ප්‍රයෝජනයට ගත් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට සමත් විය.

