free web stats

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

අධික වර්ෂාවත් සමග කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා කුඩා ගඟේ ජල මට්ටම අවදානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි සඳහන් කළේ, ඒ පිළිබඳව ගඟ දෙපස ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

මීට අමතරව කැලණි නිල්වලා හා ගිං ගංගාවල හා අත්තනගලු ඔයේ ජල මට්ටටම්ද ඉහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *