free web stats

මම කිසි දිනෙක ජන­තා­වට බොරු කියලා නෑ

අද ආණ්ඩුව උපා­ධි­ධා­රීන් වින්දි­ත­යන් බවට පත් කර­ගෙන ඇති බවත් මැති­ව­රණ සමයේ තමා මේ ගැන ඇත්ත කතා කළත් කවු­රුත් පිළි­ගත්තේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සූවා.

තමා කිසි දිනක ජන­තාව අන්දවා නැති බවත් සෙසු අය ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී ජන­තාව රැවැට්ටූ බවත් ඔහු පැවසූවා. ඒ සංව­ර්ධන නිල­ධා­රීන් සමඟ පෙරේදා (16) පැවැති සාක­ච්ඡා­ව­ක­දීයි.

එහිදී වැඩ්දුරටත් පැවසූවේ ,

අප රටේ 15000ක් වූ සංව­ර්ධන නිල­ධා­රීන්, ආර්ථික සංව­ර්ධන නිල­ධා­රීන් වෙනු­වෙන් පාර්ලි­මේ­න්තුවේ හඬ නඟ­නවා. සාධා­රණ යෝජනා ජය­ග්‍ර­හ­ණය කර­වන්න කට­යුතු කර­නවා. නිද­හස් අධ්‍යා­ප­නය තුළ අධ්‍යා­ප­නය හා උපා­ධිය ලැබූ මොවුන් යම් අව­ශ්‍යතා සපුරා ගන්න සේවා ව්‍යවස්ථා නිර්මා­ණය කරන්න පෙර බඳවා ගත් නමුත් තව­මත් සේවා ව්‍යව­ස්ථා­වක් නිර්මා­ණය කර නැහැ. රාජ්‍ය සේවයේ ඇති උග­තුන්, බුද්ධි­ම­තුන් වන මොවුන්ට බඳවා ගැනීමේ විභා­ග­යක්, සමාන වැටුප් තල­යක්, උසස් වීම් ක්‍රම­වේ­ද­යක් පවා නැහැ.

උපා­ධි­යට සරි­ලන තන­තුරු නොමැති වීමත් උපා­ධි­යට වඩා අඩු සුදු­සු­කම් සහිත අය මේ උපා­ධි­ධා­රීන්ගේ අධී­ක්ෂ­ණය ආදි ගැටලු පව­ති­නවා.මේ අසා­ධා­ර­ණය වෙනු­වෙන් උප­රි­මව පෙනී සිටි­නවා. ආර්ථික සංව­ර්ධන නිල­ධා­රීන් නාමය නරක යැයි කියා එය ප්‍රජා සංව­ර්ධන නිල­ධා­රීන් ලෙස වෙනස් කළා. බර­ප­තළ ඛේද­වා­ච­කය වන්නේ ජනා­ධි­ප­ති­ව­රණ සමයේ මොවුන් ඇන්ද­වී­මට කට­යුතු කිරී­මයි. එදා මැති­ව­රණ සමයේ මම ඇත්ත කතා කළත් එය පිළි­ගත්තේ නැහැ. අද මේ රජය මේ උපා­ධි­ධා­රීන් වින්දි­ත­යන් බවට පත් කර­ගෙන තිබෙ­නවා. මොවුන් නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේන්තු ගිය අය පවා අද මේ උපා­ධි­ධා­රීන් අම­තක කළත් මේ අය වෙනු­වෙන් සමගි ජන බල­වේ­ගය සටන් කර­නවා. ලබන සතියේ පාර්ලි­මේ­න්තුවේ මේ ගැන අව­ධා­නය යොමු කර­නවා.

වැඩි­හිටි හා විශ්‍රා­මික ප්‍රජා­වගේ ඉතිරි කිරීම් ලක්ෂ 10 ට සහ 15 සඳහා 15% පොලිය දුන්නත් එයද අහිමි කළා. ගොවි­යාගේ බීජ පොහො­ර­ව­ලට සහන මිලක් සේම ස්ථාවර මිල ද ලබා­දීම නතර කර තිබෙ­නවා. සෑම ගොවි­යෙක්ම අන්ත අස­රණ වෙලා. බොරු­වෙන් ජන­තාව මුළා කරලා.

ධීව­ර­යාට දෙනවා කියන සම්පත් හා සහන පවා කප්පාදු කරලා. බඩු මිල ඉහළ ගිය මොහොතේ අප්‍රේල් මාසයේ දින 30ක් ජීවත් වෙන්න 17000ක් ප්‍රමා­ණ­ව­ත්යැයි කිය­නවා. දින 30ක් ජීවත් වෙන්න මේ 17000 ප්‍රමා­ණ­ව­ත්දැයි නැවත වරක් සිතිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *