free web stats

සිනමාවට ලගදීම එන “අමුතු තුනක්”

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන “අමුතු තුනක්” චිත්‍රපටය මේ වන ව්ට සියලු වැඩ නිමකරම්න් ලගදීම ප්‍රදර්ශනය සදහා සූදානම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් පසුගියදා වැල්ලවත්ත සැවෝයි 3D සිනමාශාලාවේදී “අමුතු තුනක්” ච්ත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා.

“අමුතු තුනක්” ච්ත්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙන්නේ ශ්‍රී ලංකාව තුල සිට්න දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් වීම නිසාම මෙම ච්ත්‍රපටය අති සාර්ථකත්වයක් කරා ලගාවන බවයි සිනමා ව්චාරකයින් පවසන්නේ.

“අමුතු තුනක්” ච්ත්‍රපටය සදහා කුමාර තිරිමාදුර,සරත් කොතලාවල,ප්‍රියන්ත සෙනෙවිරත්න,මිහිර සිරිතිලක,දුලිකා මාරපන,ජයනි සේනානායක,ධර්මප්‍රිය ඩයස්,නිරෝෂා තලගල,කාංචනා කාන් ,සමන් හේමරත්න
ඇතුළු විශාල රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසකගේ දායකත්වය ලබාදී තිබෙනවා.

ලාංකීය ප්‍රේක්ෂකයන් හට හාස්‍ය උත්පාදනය සමඟ කුතුහලය සපිරි වෙනස්ම රසයකින් සමන්ව්ත ච්ත්‍ර පටයක් ලෙස ලගදීම දිවයින පුරා සිනමාහල් තුලදී නැරඹීමට හැකියාව උදාවෙනවා.

PHOTOS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *