දසුන් ශානක මේජර් ලීග් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පන්දු 4කදී පිට පිට කඩුලු 4ක් දවා ගනිමින් අමෙරිකානු මේජර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් පළමු ක්‍රීඩකයා ලෙස ඊයේ ඉතිහාසයට එක් විය.
ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව දසුන් ශානකගේ සියැටල් ඕර්කාස් කණ්ඩායම ලකුණු 9කින් ජයග්‍රහණය වාර්තා කළ අතර, ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායමට අවසන් ඕවරයේ ලකුණු 15ක් අවශ්‍යව තිබූ අතර, දසුන් එම අවසන් ඕවරය යවා ‘හැට්ට්‍රික්’ එකක් සමඟ දක්ෂතා ප්‍රදර්ශනය කළා.
මුලින් පන්දුවට පහර දුන් සියැටල් ඕර්කාස් කණ්ඩායම ඕවර 20කදී ලකුණු 121ක් ලබාගත් අතර, ටෙක්සාස් සුපර් කිංග්ස් ලකුණු 112කට දැවී යද්දී දසුන් ලකුණු 26කට කඩුලු 4ක් බිඳහෙළා ගත්තා.

