free web stats

නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *