මහර බන්ධනාගාරයට සිදු වූ හානි ගැන පැහැදිලි කිරීමක්
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද (02) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එහිදී රැඳවියන් විසින් මහර බන්ධනාගාරය තුළ සිදු කළ අලාභ හානි සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළා.
ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල සහ කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යලය සහ බන්ධනාගාර රෝහල විනාශවී තිබෙනවා.
මේ අතර අදාළ නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මේ දක්වා අනාවරණවී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක වැඩිදුරටත් සඳහන් කළා.

