ලෝක රූ රැජන කිරුළ ඩොමිනිකන් රූමතියකට
ඩොමිනිකන් ජනරජයේ 24 හැවිරිදි ජොහෙයිරී මෝලා මෙවර ලෝක රූ රැජන ලෙස අභිෂේක ලැබූ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මෙවර වියට්නාමයේදී පැවති 73 වැනි ලෝක රූ රැජන තරගයේදී ඩොමිනිකන් ජනරජයට කිරුළ හිමිවූයේ වසර 24කට පසුව බවද වාර්තා වේ.
මීට පෙර අවසන් වරට ඩොමිනිකන් රාජ්යයට එම කීර්තිය අත්කර දී ඇත්තේ 1982 වසරේදී කිරුළ දිනූ මරියසෙලා ඇල්වාර්ස් බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.
වියට්නාමයේ නාහා ට්රැංග් නුවර පැවති මෙවර ලෝක රෑ රැජන තරගයේදී රූමතියන් 111 දෙනකු පරාජය කළ ජොහෙයිරී මෝලාට පසුගිය වසරේ ශුරිය වූ තායිලන්තයේ සුචාටා චුආග්සි අතින් කිරුළ පලඳවා ඇති අතර, ස්පාඤ්ඤයේ එලිසබෙත් රේනස් සහ මැලේසියාවේ ටානුසියා චෙට්ටි පිළිවෙළින් පළමු හා දෙවැනි අනුශූරිය ලෙස තේරී පත්වූ බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.


