ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට
අපරාජිතව, මෙවර ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් ශූර ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (06) රාත්රියේ සමත් විය.
ඒ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 4කින් ජය ගනිමිනි.
ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්යාව 114කී.
පන්දු යැවීමේදී චමුදි ප්රබෝධා ලකුණු 21ට කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 115ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු 2ක් තුළ කඩුලු 6ක් දැවී සිටියදීයි.
හර්ෂිතා සමරවික්රම නොදැවී ලකුණු 48ක් රැස් කළා.

